එක්දින ඉතිහාසයේ දෙවැනි සුපිරි පන්දුවාරයෙන් සිම්බාබ්වේ පිලට ජය – Match Report

Date:

පාකිස්තානය සමග පැවැති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

මෙය ඉතිහාසගත වුණේ එක්දින ජාත්‍යන්තර තරගයකදී සුපිරි පන්දුවාරයකින් ජය තීරණය කෙරුණු දෙවැනි අවස්ථාව ලෙසයි.

රාවල්පින්ඩි හි දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 278ක් ලබා ගත්තා.

ෂෝන් විලියම්ස් නොදැවී ලකුණු 118ක් ලබා ගත් අතර,  බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 56ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් හස්නයින් ලකුණු 26කට කඩුලු 5ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට ද කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 278ක් පමණයි.

සෙසු සියලු නම් දැරූ පිතිකරුවන් අසාර්ථක වෙද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බබාර් අසාම් ලකුණු 125ක් ලබා ගත්තා.

වහබ් රියාස් ලකුණු 52යි.

පන්දු යැවීමේ දී Blessing Muzarabani ලකුණු 49කට කඩුලු 5ක් බිද හෙලුවා.

ලකුණු සම වීම හේතුවෙන් ලබා දුන් සුපිරි පන්දුවාරයේ දී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දු 4කදී කඩුලු දෙකම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

එම පන්දුවාරය ද Blessing Muzarabani විසින් යොමු කළ අතර, ඒ අනුව ඔහු සමස්ත තරගයේ දී බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 7ක්.

පිළිතුරු ලෙස සිම්බාබ්වේ පිල පන්දු 3කින් කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

කෙසේ වෙතත්, තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ පාකිස්තාන කණ්ඩායමයි.

සුපිරි පන්දුවාරයේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...