Watch : ලබුෂේන් යළිත් අළුබදුන පිටියම හොල්ලයි… පිට පිට දෙවැනි දිනටත් ඇල්ලූ අදහා ගන්න බැරි උඩ පන්දුව මෙන්න

Date:

අළුබදුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 82 ක ජයක් වාර්තා කරමින් යළිත් වරක් අළුබදුන ශූරතාවය තමන් සන්තකයේම රදවා ගැනීමට (3-0) ඔස්ට්‍රේලියාව අද(21) සමත් වුණා.

ඇඩිලේඩ්හීදී පැවැති තෙවැනි තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 435 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටි අතර, ඔවුන් අද සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 352 ක් පමණයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි. ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 349 කට සීමා වුණා.

මේ අතර, ඊයේ දිනයේදී තනි අතින් ස්ලිප් කලාපයේ සිට අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත් මර්නස් ලබුෂේන් අද දිනයේදී ද එවැනිම විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...