Watch : අවසන් තරගයේදී ඉන්දියාව අසරණ වෙයි – සූර්යවංශිට දුන්න චාන්ස් එක විසි කරපු හැටි මෙන්න

Date:

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ඩුබායිහීදී ආරම්භ වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8 ක් දැවී ලකුණු 347 ක් රැස් කළා. එහිදී Sameer Minhas ලකුණු 172 ක් ලබා ගත්තේ පන්දු 113 කින්. හයේ පහර 9ක් හා හතරේ පහර 17 ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා.

පිළිතුරු ඉන්දීය යොවුන් ඉනිම ආරම්භ කළේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන විභව් සූර්යවංශි විසින්. ඔහු පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් පාකිස්තානයට ප්‍රබල පීඩනයක් එල්ල කළා. පළමු පන්දුවාරයට ඉන්දියාව ලකුණු 21 ක් රැස් කිරීම කැපී පෙනුණා.

දෙවැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ඔහු ලබා දුන් උඩ පන්දුවක් Ali Raza අතින් ගිලිහී ගියේ පාකිස්තාන හදවත් මොහොතකට නතර කරමින්.

කෙසේ වෙතත්, ඉන් පන්දුවාර කිහිපයකට පසුව Ali Raza විසින්ම සූර්යවංශිගේ කඩුල්ල දවා ගත්තේ පාකිස්තානයට සැනසුම් සුසුමක් හෙළිමට අවස්ථාව උදා කරමින්. එම අවස්ථාවේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර යම් උණුසුම් තත්ත්වයක් ද ඇති වන ආකාරය දැක ගත හැකි වුණා.

ඉන්දියාව පන්දුවාර 10 ක් අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 68 ක්.

උඩ පන්දුව ගිලිහී ගිය ආකාරය හා දැවී ගිය ආකාරය ඇතුළත් දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...