සිම්බාබ්වේ එක්දින හා ටෙස්ට් කණ්ඩායමට නව නායකයෙක්

Date:

සිම්බාබ්වේ එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක රිචර්ඩ් එන්ගරාවා පත් කර තිබෙනවා.

එම තනතුරෙන් ඉල්ලා අස් වූ ක්‍රෙයිග් අර්වින් වෙනුවට 27 හැවිරිදි එන්ගරාවා ටෙස්ට් හා එක්දින නායකත්වයට පත් කළ බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක බ්‍රයන් බෙනට්.

විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් සිකන්ඩ රාසා කටයුතු කරනවා.

2017 වසරේදී ජාත්‍යන්තර වරම් දිනූ එන්ගරාවා මේ දක්වා ටෙස්ට් තරග 11 ක් හා සීමිත පන්දුවාර තරග 145 ක් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

තවද විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වන ඔහු තරග 90 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 108 ක්.

ඔහු ලංකා ප්‍රිමියර් ලීග්, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හා ILT20 වැනි ෆ්‍රැන්චයිස් තරගාවලි ද ක්‍රීඩා කර තිබෙනවා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...