Watch : ඊයේ IPL ඉතිහාසය වෙනස් කළ ග්‍රීන් අද බින්දුවට දැවී යයි

Date:

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(17) ඇඩිලේඩ්හීදී ආරම්භ වුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ස්ටීවන් ස්මිත්ට අවසන් මොහොතේදී මෙම තරගය අහිමි වූ අතර, ඒ අනුව උස්මාන් කවාජාට යළි ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. පළමු කඩුලු 4 ලකුණු 94 ක් තුළ බිද වැටුණා.

එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ ඊයේ දිනයේදී 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වාර්තාගත මිලකට අලෙවි වූ ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් වෙතයි.

ඔහුට මෙම ඉනිමේදී සාර්ථක වීමට නොහැකි වූ අතර, මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම ග්‍රීන් ලකුණු නොලබා දැවී ගියා. (දර්ශන පහතින්)

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 25.20 ක මිලකට අලෙවි වුණා. එය IPL වෙන්දේසි ඉතිහාසයේදී විදෙස් ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම වටිනාකමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...