IPL 2026 වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා

Date:

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද අබුඩාබිහීදී නිමා වුණේ ක්‍රීඩකයින් 77 දෙනෙකු කණ්ඩායම් 10 අතරේ අලෙවි වෙමින්.

විදෙස් ක්‍රීඩකයින් 29 දෙනෙකු ද අලෙවි වූ අතර, ඉන්දීය රුපියල් කෝටි 215.45 ක මුදලක් සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා අද දිනයේදී වියදම් කරනු ලැබුවා.

වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූයේ ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන්. ඔහුව ඉන්දීය රුපියල් කෝටි 25.20 කට මිලදී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනුයි. ඔහුට හිමි වූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 85 ක් පමණ වනවා.

අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේදී ක්‍රීඩකයෙකුට හිමි වූ තෙවැනි ඉහළම වටිනාකම ද එයයි.

මෙවර වෙන්දේසියේදී දෙවනුවට වැඩිම මිලකට අලෙවි වූයේ මතීෂ පතිරණයි. ඔහු ද කොල්කටා පිලට අලෙවි වූ අතර, ඔහුට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 18 ක්. එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61 ක පමණ අගයක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අයි.පී.එල් වෙන්දේසියකදී හිමි වූ ඉහළම වටිනාකම එයයි.

2026 වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා – (ඉන්දීය රුපියල් කෝටි)

  1. Cameron Green (KKR) – 25.2 Cr
  2. Matheesha Pathirana (KKR) – 18 Cr
  3. Kartik Sharma (CSK) – 14.2 Cr
  4. Prashant Veer (CSK) – 14.2
  5. Liam Livingstone (SRH) – 13 Cr
  6. Mustafizur Rahman (KKR) – 9.20 Cr
  7. Josh Inglis (LSG) – 8.60 Cr
  8. Auqib Nabi (DC) – 8.40 Cr
  9. Ravi Bishnoi (RR) – 7.20 Crore
  10. Jason Holder (GT) – 7 Cr

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...