කුසල් මෙන්ඩිස්ට හදිසි ශල්‍යකර්මයක්

Date:

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ඩුබායිහීදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී ඇති බව Newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මුත්‍රාශයේ ගල් (bladder stones) ඇති බවට හදුනා ගැනීමෙන් අනතුරුව මෙම හදිසි ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය වූ බවටයි වාර්තා වන්නේ.

මේ දිනවල පැවැත්වෙන ILT20 තරගාවලියට සහභාගී වීම සදහායි මෙන්ඩිස් ඩුබායිහි රැදී සිටින්නේ.

ඔහු මේ වන විට ශල්‍යකර්මයෙන් පසු සුවය ලබමින් සිටින බව සදහන්.

ශල්‍යකර්මය හේතුවෙන් ඔහුට ILT20 තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇති.

ඒ අනුව මෙවර තරගාවලියේ දී ඔහු නියෝජනය කරන Sharjah Warriorz කණ්ඩායම විසින් ඉදිරියේදී නව ක්‍රීඩක ආදේශ කිරීමක් නිවේදනය කිරීමට නියමිතයි.

තරගාවලියේදී මෙන්ඩිස් එක් තරගයක් පමණක් (පසුගිය 10 වැනිදා) ක්‍රීඩා කළ අතර, එම තරගයේදී ඔහු ලකුණු 23(15) ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...