කමිදුගෙන් තුන් ඉරියව් දක්ෂතා – අන්තිමට ගහපු කමිදුටත් දුක හිතුණ හයේ පහර මෙන්න

Date:

International League T20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 11 වැනි තරගය සදහා ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කළා.

මෙවර තරගාවලියේදී ඔහු ක්‍රීඩා කළ පළමු තරගය එය වූ අතර, එම තරගයේ වීරයා සම්මානය ද ඔහු විසින් හිමි කර ගැනීම කැපී පෙනුණා.

MI Emirates කණ්ඩායම නියෝජනය කරන කමිදු පන්දු යැවීමෙන් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තේ පන්දුවාර 3 ක් යොමු කරමින්.

ඔහු සුපුරුදු පරිදි සිය අත් දෙකෙන්ම පන්දු යවමින් එම කඩුලු දවා ගැනීමට සමත් වීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදුවීමක් බවට පත් වුණා. (දර්ශන පහතින්)

පිතිකරණයේදී කමිදු පන්දු 7 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 10 ක්.

එහිදී තරගය අවසන් කිරීමට ඔහු එල්ල කළ අලංකාර හයේ පහර ද බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

එම හයේ පහර හේතුවෙන් ලකුණු 49 ක් ලබා අනෙක් අන්තරේ පන්දුවට පහර දෙමින් සිටි ජොනී බෙයාර්ස්ටව්ට සිය අර්ධ ශතකය අහිමි වීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...