ලොව දීර්ඝතම පන්දුවාරය යොමු කරමින් අර්ෂ්දීප්ගෙන් අනවශ්‍ය ලෝක වාර්තාවක් – වයිඩ් පන්දුම 7ක්

Date:

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය අද නිමා වුණේ දකුණු අප්‍රිකාවට ලකුණු 51 ක ජයක් උරුම කර දෙමින්.

New Chandigarh හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 213 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණයි.

මෙම තරගයේදී අර්ෂ්දීප් සිං අනවශ්‍ය ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ, විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් ක්‍රීඩා කරන රටක පන්දු යවන්නෙකු යොමු කළ සම දීර්ඝතම පන්දුවාරය යොමු කරමින්.

දකුණු අප්‍රිකා ඉනිමේ 11 වැනි පන්දුවාරය අර්ෂ්දීප් විසින් යොමු කළ අතර, එම පන්දුවාරය සම්පූර්ණ කිරීමට ඔහුට පන්දු 13 ක් යොමු කිරීමට සිදු වුණා. ඒ, එම පන්දුවාරයේදී වයිඩ් පන්දු 7 ක් යොමු වීම හේතුවෙන්.

Longest over by a bowler in T20Is (Full-member nations)

  • Arshdeep Singh – 13 balls (18 runs) vs South Africa, New Chandigarh 2025
  • Naveen-ul-Haq – 13 balls (19 runs) vs Zimbabwe, Harare 2024
  • Sisanda Magala – 12 balls (18 runs) vs Pakistan, Johannesburg 2021
  • Mark Adair – 11 balls (26 runs) vs Australia, Brisbane 2022

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...