Watch : විකට් කීපර්ගේ සුපිරි වැඩ නිසා සුපිරි ඕවරයක් නූලෙන් මිස් වෙයි

Date:

ILT20 තරගාවලියේ 9 වැනි තරගයෙන් MI Emirates කණ්ඩායම පරදා Desert Vipers කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් ලැබුවා.

අබුඩාබිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් පිල කඩුලු 4ක් දැවී ලකුණු 159 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමිරේට්ස් පිලට කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

තරගයේ අවසන් පන්දු දෙකට ජයග්‍රහනය සදහා එමිරේට්ස් කණ්ඩායමට ලකුණු හයක් අවශ්‍ය වූ අතර, රෂීඩ් ඛාන් පන්දුවට පහර දෙමින් සිටියා. අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුව පිත්තේ දාරයක වැදී කඩුලු රකින්නා දෙසට ඇදී ගිය අතර, එය නිසි අයුරින් රැක ගැනීමට කඩුලු රකින්නාට නොහැකි වීම හේතුවෙන් පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියා.

ඒ අනුව අවසන් පන්දුවට ජයග්‍රහනයට ලකුණු දෙකක් අවශ්‍ය වූ අතර, එම පන්දුවට රෂීඩ් එල්ල කළ පහර පන්දුවේ වැදුණේ නැහැ. නමුත් කඩුලු රකින්නා අතට පන්දුව ඇදී ගිය අවස්ථාවේදී එක් ලකුණක් කරා පැති මාරු කර ගැනීමට පිතිකරුවන් උත්සාහ දැරූ නමුත්, කඩුලු රකින්නා කඩුල්ලට විසි කළ පන්දුව කඩුල්ලේ වැදීම හේතුවෙන් දුවද්දී දැවී යාමක් සිදු වුණා.

ඒ අනුවයි මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වයිපර්ස් පිලට හිමි වුණේ.

අවසන් පන්දු දෙකේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...