පාවා දීමක් ද වුණේ? පූරාන්ගේ ක්‍රියාවේ ඇත්ත කතාව මෙන්න

Date:

ILT20 තරගාවලිය යටතේ අබුඩාබිහිදී ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් එම්.අයි එමිරේට්ස් (MI Emirates) කණ්ඩායම පරදා ඩෙසර්ට් වයිපර්ස් (Desert Vipers) කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් ලැබුවා.

පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් පිල කඩුලු 4ක් දැවී ලකුණු 159 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමිරේට්ස් පිලට කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

මෙම තරගයේදි වයිපර්ස් ඉනිම අතර වාරයේදී නිකලස් පූරන් විසින් මැක්ස් හෝල්ඩන්ව ස්ටම්ප් නොකිරීමට ගත් තීරණය මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

රෂීඩ් කාන් යොමු කළ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ 5 වන පන්දුවේදී පූරාන්ට මෙම පහසු අවස්ථාව ලද නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා.

මීට හේතුව වූයේ හෝල්ඩන් මෙම තරගයේදී මන්දගාමී ලෙස පිතිකරණයේ නිරතව සිටීමයි.

ඒ අනුව ඔහුව තවදුරටත් කඩුල්ලේ රඳවා ගැනීමේ අරමුණිනුයි පූරාන් ඔහුව දවා නොගැනීමට තීරණය කළේ. (දර්ශන පහ්තින්)

කෙසේ වෙතත්, වයිපර්ස් පිල ඊට දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය වූයේ ඊළඟ පන්දුවෙන් පසුව හෝල්ඩන්ව පිටියෙන් ඉවත් කර ගැනීමයි (retired out).

එලෙස පිටියෙන් ඉවත් වන විට හෝල්ඩන් පන්දු 37කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 42ක්.

අනතුරුව ශිම්රන් හෙට්මයර් පන්දුවට පහර දීම සඳහා පිටියට එවනු ලැබුවා.

ඇතැම් ප්‍රේක්ෂකයන් පූරාන්ගේ ක්‍රියාව තරග පාවාදීමක් යැයි වරදවා වටහා ගනිමින් චෝදනා එල්ල කරන ආකාරයක්ද දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...