Watch : සිම්බාබ්වේ අන්ත අසරණ කරමින් උස්මාන් තරික්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

Date:

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක Usman Tariq අද සිය දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට සමත් වුණා.

ඒ, පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 තරගාවලිය යටතේ සිම්බාබ්වේ සමග පැවැති තරගයේදීයි.

රාවල්පින්ඩිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 19 ක් අවසනායේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

එහිදී Usman Tariq පන්දුවාර 4 තුළදී කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 18 ක් ලබා දෙමින්.

ඔහු ඉනිමේ 10 වැනි පන්දුවාරයේදී පිළිවෙලින් Tony Munyonga, Tashinga Musekiwa හා Wellington Masakadza දවා ගනිමිනුයි සිය කඩුලු ත්‍රිත්වය බිද හෙලුවේ.

ඒ අනුව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගත් සිව්වැනි පන්දු යවන්නා ලෙස ඔහු ඉතිහාසගත වුණා.

මෙම ජයත් සමග පාකිස්තානය තරගාවලියේ අවසන් තරගයට ද සුදුසුකම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...