IPL කණ්ඩායම්වලින් නිදහස් කළ හා රදවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

Date:

2026 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගන්නා හා නිදහස් කරන ක්‍රීඩකයින් ලැයිස්තුව අද ප්‍රකාශයට පත් කළා.

ඒ සදහා පස්වරු 3 දක්වා කල් ලබා දී තිබූ අතර, මේ වන විට ඒ ඒ කණ්ඩායම් රදවා ගත් හා නිදහස් කළ ක්‍රීඩකයින් ලැයිස්තු මාධ්‍යයට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අයි.පී.එල් තරගාවලිය සදහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනාගෙන් එළඹෙන තරගාවලිය වෙනුවෙන් සිය සංචිතවල රදවා ගැනීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු පමණයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණ සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

දුෂ්මන්ත චමීර තවදුරටත් සංචිතයේ රදවා ගැනීමටයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් කමිදු මෙන්ඩිස් හා ඒෂාන් මාලිංග සංචිතයේ රදවා ගෙන තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නුවන් තුෂාර සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ හා වනිදු හසරංග සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

ගුජරාට් ටයිටන්ස් සංචිතය සදහා ඇතුළත්ව සිටි දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් ද සංචිතයෙන් නිදහස් කර ඇති අතර, මුම්බායි ඉන්දියන්ස් සංචිතයට එක් වූ චරිත් අසලංක ද රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...