මතීෂ පතිරණ ගැන චෙන්නායි කණ්ඩායම දැඩි තීන්දුවක් ගනියි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය සංචිතයෙන් නිදහස් කිරීමට චෙන්නායි කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, අද පස්වරු 3ට 2026 අදියර වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කළ යුතුව ඇති පසුබිමකයි.

චෙන්නායි කණ්ඩායම විසින් මතීෂ සමග පළමුව ගිවිසුම්ගත වූයේ 2023 තරගාවලිය සදහායි.

2025 තරගාවලිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 13 ක දැවැන්ත මිලකට එම කණ්ඩායම විසින් ඔහුව සිය සංචිතයේ රදවා ගැනීමට ද පියවර ගත්තා.

ඔහුව සංචිතයෙන් නිදහස් කළ ද අයි.පී.එල් වෙන්දේසියේදී යළිත් චෙන්නායි කණ්ඩායම විසින්ම ඔහුව මිලදී ගැනීමට උත්සාහයක් දරනු ඇති බවයි බොහෝ ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

පතිරණ සිය අයි.පී.එල් දිවියේදී තරග 32 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 47 ක්.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය අදියර දෙකේදී මෙන්ම මෙවර ද විදෙස් රටකදී වෙන්දේසිය පැවැත්වෙන අතර, ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබිහීදී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර 2024 වෙන්දේසිය ඩුබායිහීදී පැවැත්වුණා. 2025 වෙන්දේසිය පැවැත්වුණේ සෞදි අරාබියේදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...