පාකිස්තාන සංචාරයේ සංශෝධිත තරග කාලසටහන නිවේදනය කරයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉදිරි සියලු තරග කාලසටහන සංශෝධනය කර තිබෙනවා.

ඒ, පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් අද දිනයේදී යළි දිවයිනට පැමිණීමට අවශ්‍ය බවට දැනුම් දීමත් සමග ඇති වූ තත්ත්වය හේතුවෙන්.

සංචාරය යටතේ තවත් එක්දින තරග දෙකක් හා තුන්කොන් T20 තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය හෙට (14) දිනය දක්වා කල් දමා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගයද දිනකින් කල් දමා ඇති අතර, ඒ අනුව එම තරගය පැවැත්වෙන්නේ එළඹෙන 16 වැනිදායි.

එම තරග දෙකම නියමිත පරිදි රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර,  එළඹෙන 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා, පාකිස්තාන, සිම්බාබ්වේ තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලිය 18 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

29 වැනිදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය මීට පෙර රාවල්පින්ඩි හා ලාහෝර්හීදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ තරගාවලිය රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමටයි.

තුන්කොන් තරගාවලියේ කාලසටහන :

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...