ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය අවසන් ස්ථාවරය දැනුම් දෙයි

Date:

මේ වන විට පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය, කණ්ඩායම් කළමනාකාරීත්වය සහ සහාය කාර්ය මණ්ඩලය සංචාරය අඛණ්ඩව සිදු කරගෙන යාමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) සහ අදාළ බලධාරීන් සමඟ සමීපව සාකච්ඡා කර, සංචාරයට එක්ව සිටින සෑම සාමාජිකයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා ලබා දුන් සහතිකය මත මෙම තීරණයට එළඹ ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව, ක්‍රීඩකයින්, කණ්ඩායම් කළමනාකාරීත්වය සහ සහාය කාර්ය මණ්ඩලය මේ වන විට පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලියට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියට සහභාගී වීම සඳහා පාකිස්තානයේ රැඳී සිටිනු ඇති.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයට පෙර පාකිස්තානයේ බෝම්බ පිපිරීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඇති වූ ආරක්ෂක ගැටලු මත ඇතැම් ක්‍රීඩකයින් යළි දිවයිනට පැමිණීමට අවශ්‍ය බව දැනුම් දී තිබුණා.

ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයද හෙට දින දක්වා කල් දැමීමට සිදු වුණා.

සංශෝධිත කාලසටහන පහතින්:

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...