පාකිස්තාන සංචාරයක අර්බුදයක, ශ්‍රී ලංකා පිල යළි එන්න ඕනේ කියයි – විශේෂ සාකච්ඡාවේදී වෙච්ච දේ මෙන්න

Date:

මේ වන විට පාකිස්තාන තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් යළි දිවයිනට පැමිණීමට අවශ්‍යව ඇති බවට දන්වා ඇතැයි වාර්තා වනවා.

ඒ, තරගාවලියේ ආරක්ෂාව ද අර්බුදයකට ඇද දමමින් ඊයේ රාවල්පින්ඩිහීදී පැවැති පළමු එක්දින තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ඉස්ලාමාබාද් අගනුවර සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන්.

මෙම නගර දෙක අතර පවතින්නේ කිලෝ මීටර් 20 කටත් වඩා අඩු දුර ප්‍රමාණයක්. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයෙන් පාකිස්තානය තියුණු ජයක් වාර්තා කළ අතර, මෙම තරගාවලියේ දෙවැනි තරගය හෙට(13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්තාන තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී වීමට සිය අකමැත්ත පල කර ඇති බවයි වාර්තා වන්නේ.

“අද දෙරණ” වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් අද පැවැත්වීමට සැලසුම් කර තිබූ පුහුණු සැසියට ද සහභාගී නොවූ බවයි.

ඒ අනුව හෙට පැවැත්වෙන තරගය ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බව “අද දෙරණ” වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යළි දිවයිනට පැමිණියහොත් ඒ වෙනුවට නව කණ්ඩායමක් පාකිස්තානය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවත්, නැවත පැමිණෙන ක්‍රීඩකයින්ට වසර 2ක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධනය යොමු කර ඇති බවත් සදහන්.

නමුත්, මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයින් එක්ව ඇති බැවින් ඔවුන්ට එරෙහිව එවැනි තරග තහනමක් පැනවීමට කටයුතු කරනු ඇත්දැයි සැක සහිතයි.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ බෝම්බ පිපිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා ලබා දෙන ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Mohsin Naqvi සහ රජයේ බලධාරීන් අතර අද දිනයේදී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් “රාජ්‍ය අමුත්තන්” ලෙස සලකමින් අවශ්‍ය දැඩි ආරක්ෂාව ඔවුන්ට ලබා දී ඇති බවයි එහිදී මහ කොමසාරිස්වරයාට සහතික වී ඇත්තේ.

2009 වසරේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඒ හේතුවෙන් වසර ගණනාවක් යනතුරු පාකිස්තානය තුළ ජාත්‍යන්තර තරග පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...