Asia Cup Rising Stars : ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුනිත්ට

Date:

නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (Asia Cup Rising Stars) සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය කටාර්හීදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

තරගාවලියේදී ශ්‍රී ලංකා A කණ්ඩායම ‘A’ කාණ්ඩයෙන් තරග වදිනවා. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා හොංකොං චීන කණ්ඩායමයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නොවැම්බර් 15 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වෙනවා.

ප්‍රමෝද් මදුෂාන් ද සංචිතයට නම් කර ඇති අතර, ඔහු මේ දිනවල පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා A සංචිතය සමග එක්වීමට නියමිතයි.

The Squad
1.) Dunith Wellalage – Captain
2.) Nishan Madushka
3.) Vishen Halambage
4.) Lasith Croospulle
5.) Nuwanidu Fernando
6.) Ahan Wickramasinghe
7.) Sohan de Livera
8.) Sahan Arachchige
9.) Ramesh Mendis
10.) Vijayakanth Viyaskanth
11.) Traveen Mathew
12.) Pramod Madushan
13.) Milan Rathnayake
14.) Isitha Wijesundera
15.) Garuka Sanketh

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...