ෂ්රෙයස් අයියර් දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කෙරේ

Date:

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ෂ්රෙයස් අයියර් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහලක දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග පසුගිය 25 වැනිදා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඔහු ඉළ ඇටයේ ආබාධයකට (rib cage injury) ලක් වූ අතර, ඒ අනුව අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වීම හේතුවෙනුයි ඔහුව දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර ඇත්තේ.

මීට පෙර ඔහුට සති තුනක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවට අපේක්ෂා කෙරුණා.

කෙසේ වෙතත්, ඔහු දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර ඇති බැවින් එම කාලය තවත් දීර්ඝ වනු ඇති බවයි වාර්තා වන්නේ.

තෙවැනි එක්දින තරගයේදී ඇලෙක්ස් කෙරී දවා ගැනීම සදහා උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අයියර් මෙම ආබාධයට මුහුණ දුන්නා. (දර්ශන පහතින්)

අනතුරුව ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරුණු අතර, ඒ අනුව පසුගිය දින දෙක තුළදී ද ඔහු දැඩි සත්කාරක ඒකකය තුළ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...