ශේන් වොට්සන් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

Date:

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ශේන් වොට්සන් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු එම තීරණය ඊයේ(1) කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම සමග පැවැති තරගයෙන් අනතුරුව චෙන්නායි කණ්ඩායම් කළමණාකාරීත්වයට දැනුම් දී ඇති බව සදහන්.

අදාළ තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගවාරය යටතේ ක්‍රීඩා කළ අවසන් තරගය වන අතර, ඒ අනුව යළි අයි.පී.එල් තරග පිටියේ දී ද ශේන් වොට්සන් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අහිමිව යනු ඇති.

ශේන් වොට්සන් සිය අයි.පී.එල් තරග දිවියේ දී කණ්ඩායම් 3කට ක්‍රීඩා කළ අතර, අවස්ථා දෙකක දී ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

2008 වසරේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ශූරතාව දිනා ගත් වෝට්සන් 2018 වසරේ දී චෙන්නායි කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා විට එම කණ්ඩායමේ ද ප්‍රබල පිතිකරුවෙකු ලෙස කටයුතු කළා.

එමෙන්ම 2008 සහ 2013 වසරවලදී තරගාවලියේ වීරයා සම්මානයෙන් ද ශේන් වොට්සන් පිදුම් ලැබුවා.

39 හැවිරිදි ඔහු රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම්වල නායකත්වය ද දැරූ අතර, අයි.පී.එල් තරග 145කට ක්‍රීඩා කර රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3874ක්.

තුන් ඉරියව්වෙන් දස්කම් දැක් වූ ඔහු කඩුලු 92ක් ද සිය අයි.පී.එල් දිවියේ දී බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...