ඉසුරුගේ බැංගලෝරය සහ දිල්ලිය අවසන් වටයට – Match Report

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අද(2) සමත් වුණා.

ඒ, එම කණ්ඩායම් දෙක අතර පැවැති මෙවර තරගාවලියේ 55 වන තරගයෙන් අනතුරුවයි.

මෙම තරගයෙන් දිල්ලි කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ද තහවුරු කර ගත්තා.

ඒ අනුව ඔවුන් ලබන 5 වැනිදා ඩුබායි හී දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (qualifier 1) සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් eliminator තරගය සදහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා ගත් නමුත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය වී නැහැ.

හෙට(3) සන්රයිසස් හයිදරාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිපලය අනුව එය තීරණය වනු ඇති.

එම තරගයෙන් හයිදරාබාද් කණ්ඩායම ජය ගතහොත් ඔවුන් බැංගලෝර් පිල සමග දෙවන අවසන් තරගයට සුදුසුකම් ලබන අතර, හයිදරාබාද් කණ්ඩායම හෙට තරගයෙන් පරාජයට පත් වුවහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දෙවන අවසන් තරගයට සුදුසුකම් ලබනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 බැගින් ලබා ඇතත්, බැංගලෝර් කණ්ඩායම දල ලකුණු ලබා ගැනීමේ වේගය අතින් කොල්කටා පිලට වඩා ඉදිරියෙන් පසුවීම හේතුවෙනුයි තරගාවලියේ අවසන් වටයට ඔවුන් මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ.

අබුඩාබි ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක ෂ්රෙයස් අයියර් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 152ක් ලබා ගනිමින්.

දෙව්දත් පඩික්කල් ලකුණු 50ක් සහ ඒබී ඩි විලියස් ලකුණු 35ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Anrich Nortje කඩුලු 3ක් සහ කාගිසෝ රබාඩා කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අජින්කෙයා රහානේ ලකුණු 60ක් සහ ශිකර් දවාන් ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශහ්බාස් අහ්මඩ් ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඉසුරු උදාන පන්දුවාර 2ක් යොමු කර ලකුණු 24ක් ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

BCCI / IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...