කමින්ස් හා හෙඩ් රට වෙනුවෙන් කෝටි 200 ක ගිවිසුමකට පයින් ගහයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් විසින් ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන පැට් කමින්ස්ට හා ට්‍රැවිස් හෙඩ්ට යෝජනා කළ අති විශාල කොන්ත්‍රාත් ගිවිසුමක් ඔවුන් දෙදෙනා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

The Age වාර්තා කර ඇති පරිදි අදාළ අයි.පී.එල් කණ්ඩායම විසින් යෝජනා කර ඇත්තේ ඔවුන් දෙදෙනාට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වී ලොව වටා පැවැත්වෙන ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලියන්හීදී සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙසටයි.

ඒ සදහා එම කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 10 ක් හෙවත් ඉන්දීය රුපියල් කෝටි 58 ක මුදලක් එක් ක්‍රීඩකයෙකුට වාර්ෂිකව ගෙවීමට කැමැත්ත පල කර තිබෙනවා. එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 198 පමණ අගයක්.

කෙසේ වෙතත්, සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම අත්හැර ෆ්‍රැන්චයිස් ලීග් පමණක් ක්‍රීඩා කිරීමට ඉදිරිපත් කෙරුණු අදාළ යෝජනාව ඔවුන් දෙදෙනාම විසින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන ක්‍රීඩකයෙකුට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීම වෙනුවෙන් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ එරට ක්‍රිකට් ආයතනයෙන් වාර්ෂිකව හිමි වන්නේ ඉන්දීය රුපියල් කෝටි 8.7ක පමණ මුදලක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...