ආසියානු කුසලානය ගන්න බැරුව ඉන්දියාව අසරණ වෙයි… ACC සභාපති දැඩි මතයක

Date:

ආසියානු කුසලානයේ ජයග්‍රාහකයන් වන ඉන්දීය කණ්ඩායමට ශූරතා කුසලානය පුද්ගලිකව තමන්ගෙන් භාර ගන්නා තෙක් කුසලානය ලබා නොදෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි ස්ථීර ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔහු සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ “ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) සභාපති ලෙස, මම එදිනම කුසලානය භාර දීමට සූදානමින් සිටියා. තවමත් සූදානම්. ඔවුන්ට ඇත්තටම එය අවශ්‍ය නම්, ඔවුන්ට ACC කාර්යාලයට පැමිණ මගෙන් එය රැගෙන යාමට හැකියි.” යනුවෙනුයි.

නක්වි මෙම ප්‍රකාශය නිකුත් කළේ ඔහු විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සමාව අයැද සිටි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ පුවතකට ප්‍රතිචාර දක්වමිනුයි.

“ඉන්දීය මාධ්‍ය සත්‍ය කරුණුවලින් නොව බොරුවලින් පෝෂණය වෙනවා. මම මෙය ඉතාම පැහැදිලිව කියන්නම්; මම කිසිම වැරැද්දක් කරලා නැහැ. ඒ වගේම මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සමාව ඉල්ලුවේත් නැහැ, කවදාවත් සමාව ඉල්ලන්නෙත් නැහැ.”

අගහරුවාදා දිනයේදී ඩුබායි හි දී ACC රැස්වීමක් පැවැති අතර, එහිදී ද සූර්යකුමාර් යාදව්ගේ කණ්ඩායමට කුසලානය සහ ජයග්‍රාහී පදක්කම් පිරිනැමීම සම්බන්ධයෙන් කිසිදු විසඳුමකට එළඹීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඉරිදා පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙන්ම පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන නක්විගේ අතින් ශූරතා කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව එය ලබා නොදීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය කටයුතු කළ අතර, ඉන්දියාව කුසලානය හෝ ජයග්‍රාහී පදක්කම් නොමැතිවයි ක්‍රීඩාංගනයේදී සිය ජයග්‍රහණය සමරනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...