Watch : ස්ටොයිනිස් වැරැදීමකින් කමිසය ගලවා විනිසුරුට දුන් හැටි

Date:

නවසීලන්තය හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය අද Mount Maunganui හීදී නිමාව දුටුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු හයක විශිෂ්ඨ ජයක් උරුම කර දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 181 ක් ලබා ගත් නමුත්, ඔස්ට්‍රේලියානුවන් පන්දුවාර 16.3 ක් පමණක් වැය කරමින් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක මිචෙල් මාෂ් පන්දු 43 කින් ලකුණු 85 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 9 ක් සමගින්.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් ටිම් රොබින්සන් අනර්ඝ ශතකයක් වාර්තා කළා. ඔහු පන්දු 66 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 6ක් සමග නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 106 ක්.

මේ අතර, නවසීලන්ත ඉනිම අතරතුරදී මර්කස් ස්ටොයිනිස් පන්දුවාරයක් යැවීම සදහා සූදානම් වූ අවස්ථාවක ඔහු විසින් තම කමිසය ගලවා විනිසුරුට ලබා දීම අද දිනයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

ඔහු විසින් පැළද සිටි අමතර ජර්සිය ගලවා විනිසුරුට ලබා දීමට ස්ටොයිනිස් උත්සාහ කළ නමුත්, එහිදී වැරැදීමකින් ඔහු සිය කමිසය ද ගලවා විනිසුරුට ලබා දීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...