ඉන්දියාව ආසියානු කුසලානය ගත්තේ නැත්තේ ඇයි? පාකිස්තානයත් කැත වැඩක් කරයි : සියලු දර්ශන මෙන්න

Date:

2025 ආසියානු කුසලානය ජයග්‍රහනය කිරීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් තරගයේදී පාකිස්තානය පරදා කඩුලු 5ක ජයක් හිමි කර ගනිමින්.

කෙසේ වෙතත්, තරගාවලිය අවසානයේ සිය ශූරතා කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම කැපී පෙනුණා.

තරගයෙන් අනතුරුව සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීම පැයකට වඩා ප්‍රමාද වුණා.

සම්මාන ප්‍රදානෝත්සවයේදී ශූරතා කුසලානය ලබා දීමට නියමිතව තිබුණේ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති Mohsin Naqvi විසිනුයි. කෙසේ වෙතත්, ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙන්ම පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන බැවින් ඔහු අතින් කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව ශූරතා කුසලානය ලබා දීමක් සිදු නොකර Mohsin Naqvi එම ස්ථානයෙන් පිටව යන අයුරු දැක ගත හැකි වුණා.

අනතුරුව කුසලානයක් නොමැතිවයි ඉන්දියාව සිය ජය සමරනු ලැබුවේ.

මේ අතර, අනුශූරතාවය සදහා ලබා දුන් සංඛේතාත්මක චෙක් පත පාකිස්තාන නායකයා විසින් විසි කර දමන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...