SA20 : බ්‍රේවිස් වෙන්දේසි ඉතිහාසය වෙනස් කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයිකන් දෙදෙනෙකුටත් ලංසු

Date:

SA20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු වන ඒෂාන් මාලිංග හා විශේන් හලඹගේ Paarl Royals කණ්ඩායම වෙනුවෙන් මිලදී ගැනීම විශේෂත්වයක්.

මාලිංග රැන්ඩ් මිලියනයකට එනම්, ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.7 ක මුදලකටයි රෝයල්ස් කණ්ඩායමට අලෙවි වුණේ.

හලඹගේට හිමි වූ වටිනාකම රැන්ඩ් ලක්ෂ දෙකක්. එනම් රුපියල් ලක්ෂ 34 ක්.

කුසල් පෙරේරා හා බිනුර ප්‍රනාන්දු වෙන්දේසියට ඉදිරිපත් වූ නමුත්, ඔවුන්ව කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.

මේ අතර, මෙම වෙන්දේසියේදී දකුණු අප්‍රිකාවේ ඩිවාල්ඩ් බ්‍රේවිස් රැන්ඩ් මිලියන 16.5 ක මිලකට, එනම් රුපියල් කෝටි 28.6 ක මිලකට Pretoria Capitals කණ්ඩායම විසින් මිලදී ගත්තා.

එය SA20 වෙන්දේසි ඉතිහාසයේදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකමයි.

දකුණු අප්‍රිකා T20 නායක හා දෙවරක් Sunrisers Eastern Cape කණ්ඩායම ශූරතාවය සදහා මෙහෙය වූ ඒඩ්න් මාක්‍රම් රැන්ඩ් මිලියන 14 කට එනම්, රුපියල් කෝටි 24 කට Durban’s Super Giants කණ්ඩායම විසින් මිලදී ගැනීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...