T20 World Cup 2026 : තෝරා ගත් දින හා ක්‍රීඩාංගන පිළිබද තොරතුරු මෙන්න

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

රටවල් 20 ක් ක්‍රීඩා කරන තරගාවලියේ මෙවර සත්කාරකයින් ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි.

තරගාවලියේ තරග ඉන්දියාවේ ක්‍රීඩාංගන පහකදී ද, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන දෙකකදී ද පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

අවසන් මහා තරගය අහ්මදාබාද්හීදී හෝ කොළඹදී පැවැත්වීමට ඉඩ තිබෙනවා. පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න මත එය තීරණය වනු ඇති.

මේ වන විට ලෝක කුසලාන තරගාවලියට රටවල් 15 ක් සුදුසුකම් ලබා අවසන්. සත්කාරක රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව හැරුණු විට ඇෆ්ඝනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය හා ඉතාලිය යන රටවල් ද තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

අප්‍රිකා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තවත් රටවල් දෙකක් ද, ආසියානු හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් තවත් රටවල් 3 ක් ද තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...