ස්ටක් T20I පිටියට සමු දෙද්දී අසිෆ් දැඩි තීරණයක් ගනියි

Date:

ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ලබන වසරේ අවසානයේ සිට ඇරඹෙන කාර්යය බහුල ටෙස්ට් තරග කාලසටහන හා 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

35 වන වියේ පසුවන මිචෙල් ස්ටක් විස්සයි 20 ජාත්‍යන්තර තරග 65 ක් ක්‍රීඩා කරමින් කඩුලු 79 ක් බිද හෙලා තිබෙනවා. ඔහු 2021 වසරේදී විස්සයි 20 ලෝක කුසලානය ජය ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද සාමාජිකයෙක්.

මේ අතර, පාකිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු අසිෆ් අලී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

33 හැවිරිදි අසීෆ් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 21 ක් හා විස්සයි 20 තරග 58 ක් ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...