Watch : කමිදුගේ සටන්කාමී පිතිහරඹය ශ්‍රී ලංකාවට අනර්ඝ ජයක් හිමි කර දුන් හැටි

Date:

පැතුම් නිස්සංකගේ අර්ධ ශතකය හා කමිදු මෙන්ඩිස්ගේ සටන්කාමී පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

හරාරේහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

බ්‍රයන් බෙනට් ලකුණු 81 ක් ලබා ගත්තේ පන්දු 57 කින්. හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත්තා. මෙම තරගයේදී විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් දුෂාන් හේමන්ත ලකුණු 28 කට කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉනිම නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ලකුණු 177 ක් ලබා තරගය ජය ගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 55(32) ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 38(35) ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට පන්දුවාර 10.1 ක් තුළ ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 96 ක්.

අනතුරුව පන්දු 19 ක් තුළ ලකුණු 10 කට ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් බිද වැටුණා. කුසල් පෙරේරා ලකුණු 4කටත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 7කටත්, චරිත් අසලංක එක් ලකුණකටත් දැවී ගියා. දසුන් ශානක ලබා ගත්තේ ලකුණු 6 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 142 ක් ලෙස සටහන්ව තිබියදීයි. කෙසේ වෙතත්, කමිදු මෙන්ඩිස් හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමග පන්දු 16 කින් නොදැවී ලකුණු 41 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 14 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...