Watch : බ්‍රේවිස් පිට පිට ගහපු සුපිරි හයේ පහර 4 මෙන්න

Date:

සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩා‍යම සහා දකුණු අප්‍රිකා කණ්ඩා‍යම අතර අද (16) පැවති 3 වන සහ අවසන් විස්සයි විස්ස තරගය නිමාවට පත්වුනේ 2-1 ක් ලෙස තරගාවලියේ ජය ඕස්ට්‍රේලියා කණ්ඩා‍යමට හිමිකරදෙමින්.

එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩා‍යම ලබාදුන් ලකුනු 173 ක ඉලක්කය කඩුලු 6 ක් බිඳ වැටී පන්දුවාර 19.5 ක් තුල සාර්ථකව හඹා යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුනා.

එහිදී එක් අන්තයක පිතිකරුවන් දැවීයද්දි සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 36 කට ලකුනු ලකුනු 63 ක් නොදැවී රැස්කල ග්ලේන් මැක්ස්වෙල් සිය කණ්ඩා‍යමට තියුණු ජයග්‍රහනයක් රැගෙන ආවා.

මැක්ස්වෙල්ගේ පිතිකරණය මෙන්ම මෙම තරගයෙදී ඩිවාල්ඩ් බ්‍රේවිස් දියත්කල ඉනිමත් බොහෝ ප්‍රේක්ෂකයෙන්ගේ අවාධානය දිනාගැනීමට සමත්වුනා.

එයට ප්‍රධාන හේතුව වූයේ බ්‍රේවිස් සිය ලකුනු 53(26) ක වේගවත් ඉනිම තුල පිටියෙන් ඉවතට යාමට එල්ල කල දැවැන්ත හයේ පහරවල් නිසායි.

එහිදි ඇරෝන් හාර්ඩි යොමු කල 10 වන පන්දුවාරයේදී පිට පිට හයේ පහරවල් 4 ක් එල්ල කිරීම කැපීපෙනෙන සිදුවීමක් වුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...