Watch : ඇඩම් හොස් දරුණු ආබාධයකට මුහුණ දුන් හැටි

Date:

හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේදී දරුණු ආබාධයකට මුහුණ දීමට ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමේ ඇඩම් හෝස්ට සිදු වුණා.

සදර්න් බ්‍රේව් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම කඩුලු හතරකින් ජයග්‍රහණය කළා.

තරගය අතරතුර පිතිකරු ඇඩම් හෝස් පන්දු රකිමින් සිටියදී වළලුකර ආශ්‍රිතව මුහුණ දුන් දරුණු ආබාධය හේතුවෙන් තරගය මිනිත්තු 10කට පමණ තාවකාලිකව නතර කිරීමටද සිදු වුණා.

අනතුරුව 32 හැවිරිදි හෝස් වහාම රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

ඔහුට ශල්‍යකර්මයක් අවශ්‍ය වේද යන්න ස්කෑන් පරීක්ෂණ මගින් තීරණය කරනු ඇති.

නමුත්,ඔහුට සුවය ලැබීම සඳහා සති හයේ සිට 12 දක්වා කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...