Watch : හැරී බෲක් ගහපු ඇදහිය නොහැකි සුපිරි ඩිල්ස්කූප් පහර මෙන්න

Date:

The Hundred ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේදී අලංකාර ඩිල්ස්කූප් පහරක් එල්ල කරමින් ලකුණු හයක් වාර්තා කිරීමට Northern Superchargers නායක හැරී බෲක් සමත් වුණා.

Birmingham Phoenix කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු මෙම පහර එල්ල කළේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීම වීම ද විශේෂත්වයක්. ටිම් සවුතිට එරෙහිවයි ඔහු මෙම පහර එල්ල කළේ.

ලීඩ්ස්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Superchargers කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබා ගනිමින් නියමිත පන්දු 100 අවසන් කළා.

ඩේවිඩ් මලාන් ලකුණු 58(34) ක්, සැක් ක්‍රව්ලි ලකුණු 45(23) ක් හා හැරී බෲක් නොදැවී ලකුණු 31(14) රැස් කළා. පන්දු යැවීමේදී ක්‍රිස් වුඩ් ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Phoenix කණ්ඩායමට පන්දු 100 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි. ජේකබ් බෙතෙල් ලකුණු 48(23) ක් ලබා ගත් අතර, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණූ 46(31) යි.

පන්දු යැවීමේදී මැතිව් පොට්ස් ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගයෙන් Superchargers කණ්ඩායමට ලකුණු 36 ක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...