ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසර පහක ක්‍රිකට් තහනමක්

Date:

හිටපු ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ, එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්. ICC දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු කර තිබෙනවා.

2023 සැප්තැම්බර් මාසයේදී එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා ගොණු කෙරුණු අතර, ඒ අතරට සාලිය සමන් ද ඇතුළත් වුණා.

2021 වසරේ පැවති අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙනුයි මෙම චෝදනා ගොණු කෙරුණේ.

ඒ අනුව සම්පූර්ණ විභාගයකින්, ලිඛිත සහ වාචික තර්ක ඉදිරිපත් කිරීමෙන් පසුව, විනිශ්චය සභාව විසින් සාලිය සමන් පහත සඳහන් චෝදනා 3 ට වරදකරු බව තීරණය කර තිබෙනවා.

  • Article 2.1.1 – Being party to an attempt to fix, contrive or influence improperly matches or aspects of matches in the Abu Dhabi T10 2021.
  • Article 2.1.3 – Offering a Reward to another Participant in exchange for that player engaging in Corrupt Conduct under the Code.
  • Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.

39 හැවිරිදි සමන්ට එරෙහිව පනවන ලද තහනම, ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ 2023 වසරේ සැප්තැම්බර් 13 වන දින සිට ක්‍රියාත්මක වන ලෙසයි පනවා ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...