Watch : AB අන්තිමට ශූරයෙක් වෙයි ; සුපිරි සැමරුම මෙන්න

Date:

එංගලන්තයේ පැවැති World Championship of Legends ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමින් නිමාවට පත් වුණා.

ඒ, බර්මිංහැම් හි පැවැති අවසන් මහා තරගයේදී පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම කඩුලු 9 කින් පරාජයට පත්වීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

සුපිරි ඉනිමක් දියත් කළ ඒබී ඩිවිලියස් පන්දු 60කින් නොදැවී ලකුණු 120 ක් ලබා ගත්තේ හයේ පහර 7 ක් හා හතරේ පහර 12 ක් සමගින්.

තරගාවලිය ජය ගැනීමෙන් පසු ඩිවිලියස් සෙසු ක්‍රීඩකයින් සමග ජය සැමරුවේ මේ ආකරයෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...