Watch : අවසන් පන්දුවේදී කොදෙව්වන්ට සුපිරි ජයක් හිමි වූ හැටි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩා‍යම සමගින් පැවති දෙවන විස්සයි විස්ස තරගයේ ජයග්‍රහනය උණුසුම් තරගයකින් පසු අවසන් පන්දුවේදී තීරණාත්මක හතරේ පහරකින් වාර්තා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩා‍යම අද(3) සමත්වුණා.

ලකුණු 134 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට අවසන් පන්දුවේදී ජයග්‍රහනය සඳහා ලකුණු 3 ක් අවශ්‍යව තිබූ අතර, ජේසන් හෝල්ඩර් විසින් සුපිරි හතරේ පහරක් එල්ල කරමින් කලකට පසු විස්සයි 20 ජයග්‍රහනයක පහස කොදෙව්වන්ට රැගෙන ඒමට සමත් වුණා.

ෆ්ලෝරීඩා හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පාකිස්තාන කණ්ඩා‍යම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ඔවුන් රැස් කළේ ලකුණු 133 ක් පමණයි. හසන් නවාස් ලකුණු 40(23) ක් සහ නායක සල්මන් අලී ආගා ලකුණු 38(33) ක් රැස් කළා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජේසන් හෝල්ඩර් ලකුණු 19 කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 4 ක්.

ඉන් අනතුරුව ලකුණු 134 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් හට ද පිතිකරණයේ නිරත වීම පහසු වූයේ නැහැ. තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ කඩුලු පාකිස්තාන පන්දු යවන්නන් දවා ගත්තත් ජේසන් හෝල්ඩර් විසින් අවසන් පන්දුවාරවල ක්‍රියාත්මක කළ නොදැවුණු ඉනිම ඔවුන්ට අත්‍යවශ්‍ය ජයග්‍රහනයක් හිමි කර දුන්නා.

ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 16*(10) වාර්තා කළා. ගුඩකේශ් මෝතී ලකුණු 28(20) යි.

ඒ අනුව ඉතාමත් අවාසනාවන්ත අයුරින් ඕස්ට්‍රේලියාව සමග පූර්ණ තරගාවලි පරාජයකට (0-5) මෙන්ම පාකිස්තානයට එරෙහි පළමු විස්සයි 20 තරගය ද පරාජයට පත්ව සිටි කොදෙව්වන් අවසානයේ පාකිස්තානයට එරෙහි දෙවැනි තරගය ජය ගත්තා. මෙය ඔවුන් අවසන් විස්සයි 20 තරග 20 තුළ ජයග්‍රහනයක් වාර්තා කළ තෙවැනි අවස්ථාවයි.

කලක් විස්සයි 20 ක්‍රිකට් රටාවේ දැවැන්තයන්ගේ මේ දරුණු පසුබැස්ම මෙම ජයග්‍රහනය සමගින් යළි ජයග්‍රාහී මාවතකට පිවිසෙනු ඇතැයි ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...