Watch : ආකාශ් හා ඩකට් එකට ගැටුණු හැටි මෙන්න

Date:

සත්කාරක එංගලන්ත කණ්ඩා‍යම සමගින් ඉන්දීය කණ්ඩා‍යම ක්‍රීඩා කරන 5 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් දීප් සහ බෙන් ඩකට් අතර සිදු වූ සිදුවීම් පෙළක් කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඊට හේතු වුයේ ඩකට් හා ආකාශ් දීප් අතර ඇති වූ වචන හුවමාරුවකින් පසුව යොමු කෙරුණු ඊළග පන්දුවේදී ඩකට් විසින් එල්ල කල සුපිරි හයේ පහරයි. ඔහු එම හයේ පහර එල්ල කළේ රිවර්ස් ස්කූප් පහරකින් වීම කැපී පෙනුණා.

කෙසේ නමුත් බෙන් ඩකට් අර්ධ ශතකය අසළදී යළිත් වතාවක් ආකාශ් දීප් යොමු කළ පන්දුවකට එවැනිම පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 43 කට දැවී ගියා.

තරගයේ දෙවන දිනය මේ වන විට ලන්ඩන් හී ඕවල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර එංගලන්තය සිය පළමු ඉනිම දියත් කරමින් සිටිනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩා‍යම පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 224 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...