ඉන්දියාව පළමු අවසන් පූර්ව තරගයට බෑ කියයි – පාකිස්තානයට අනපේක්ෂිත ප්‍රතිපලයක්

Date:

World Championship of Legends තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන්.

මෙම තරගය බර්මින්හැම්හීදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන්දියාව එම තරගයෙන් ඉවත් වීමත් සමග තරගයෙන් නිතරග ජයක් පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමට හිමිව තිබෙනවා. ඒ අනුව පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

පාකිස්තාන චැම්පියන්ස් පිල ඕස්ට්‍රේලියා චැම්පියන්ස් සහ දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා සමඟ අවසන් තරගයේදී තරග වැදීමට නියමිතයි.

යුවරාජ් සිං, සුරේෂ් රයිනා, හර්බජාන් සිං, පීයුෂ් චවුලා, යුසුෆ් පතාන්, රොබින් උතාපා වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම ජූලි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමට එරෙහි මූලික වටයේ තරගයට ද ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එම අවස්ථාවේදී කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු සමව බෙදී ගියා. මූලික අදියරේදී ප්‍රසාද ලකුණු 9ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණේ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමයි. ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු තුනක් ලබා සිව්වන ස්ථානය හිමි කර ගත්තා.

ඒ අනුව එම කණ්ඩායම් දෙක පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ නමුත්, ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමත් සමඟ පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීම පදනම් කර ගනිමින් පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

අදාළ අවසන් පූර්ව තරගය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට 50% ක මුදල් ආපසු ගෙවීමක් සිදු කරන බව තරග සංවිධායකයින් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...