Watch : තරගය අවසන් කරන්න ඉන්දියාව අකමැත්ත පල කිරීම නිසා ඇති වූ තත්ත්වය මෙන්න

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) මැන්චෙස්ටර්හීදී ජය පරාජයන් තොරව නිමා වුණා.

තරගයේ අවසන් දිනය වන අද දිනයට තරගය ආරම්භ කරන විට ඉනිමක පරාජයෙන් ගැළවීමේ අරමුණින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 174 ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, අද දිනයේදී එංගලන්තයට දවා ගැනීමට හැකියාව ලැබුණේ කඩුලු දෙකක් පමණයි. කේ එල් රාහුල් ලකුණු 90 කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 103 කටත් දැවී ගියා. පළමු කඩුලු දෙක ලකුණු බින්දුවේදී දැවී යාමෙන් පසුව ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 188 ක්.

ගිල්ගේ දැවී යාමෙන් අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවේදීම රවීන්ද්‍ර ජඩේජා විසින් ස්ලිප් ක්‍රීඩක ජෝ රූට් අතට උඩ පන්දුවක් ලබා දුන් නමුත්, එය සාර්ථක ලෙස රැක ගැනීමට රූට් හට නොහැකි වුණා.

ඉන් උපරිම ප්‍රයෝජන ගත් ජඩේජා ලකුණු 107 ක් නොදැවී රැස් කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඉන්දියාවට අවස්ථාව උදා කර දුන්නා. වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 203* ක්.

මේ අතර, අද දිනයට තරගය නිමා කිරීමට පන්දුවාර 15 ක් ඉතිරිව තිබියදී (අවසන් පැය ආරම්භ වීමට පෙර) තරගය නිමා කිරීමට එංගලන්තයට අවශ්‍ය වූ නමුත්, ඉන්දියාව ඊට අකමැත්ත පල කිරීම නිසා ඇති වූ තත්ත්වය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

ජඩේජාට හා සුන්දර්ට ශතක රැස් කිරීමට අවස්ථාව ලබා දීම සදහායි ඔවුන් එලෙස තවත් කාලයක් පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා ගත්තේ.

කෙසේ වෙතත්, ඊට එංගලන්ත ක්‍රීඩකයින් දැඩි අප්‍රසාදයක් පල කිරීම කැපී පෙනුණා.

ජඩේජා හා සුන්දර් ශතක වාර්තා කිරීමෙන් පසුව තරගය නිමා කළ අතර, ඒ වන විට ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 425 ක්.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කළා. පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 669 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...