Watch : රට වෙනුවෙන් පාන්ට් දරුණු ආබාධයත් නොතකා පිටියට ආ හැටි

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හීදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (24).

අද දිනයට තරගය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටියා.

ඊයේ දිනයේදී පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුවක් පාදයක වැදී දරුණු ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීමට රිෂාබ් පාන්ට්ට සිදු වූ බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. ඒ වන විට ඔහු ලකුණු 37 ක් ලබා සිටියා.

අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ අනුව ඔහුගේ පාදයක අස්ථි බිදී යාමක් සිදුව ඇති බවටයි තහවුරු වී තිබුණේ.

ඒ අනුව ඔහුට මෙම ටෙස්ට් තරගයේදී කඩුලු රැකීමේ කටයුතු සිදු කිරීමේ අවස්ථාව ද අහිමි වී ඇති බවත්, ඔහු වෙනුවට ද්‍රව් ජුරෙල් කඩුලු රැකීමේ කටයුතු සිදු කරන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

කණ්ඩායමේ අවශ්‍යතාව මත පාන්ට් පිතිකරණයේ නිරත වනු ඇති බවයි ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

කෙසේ වෙතත්, අද දිනයේදී ඉන්දීය පළමු ඉනිමේ 6 වැනි කඩුල්ල බිද වැටීමෙන් පසුව රිෂාබ් පාන්ට් පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසීම බොහෝ දෙනෙකු විශ්මයට පත් කළ අවස්ථාවක් බවට පත් වුණා. (දර්ශන පහතින්)

මෙම ආබාධය නිසා ඔහුට පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය ද අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...