මෙන්ඩිස්ට එංගලන්තයෙන් ප්‍රාන්ත ගිවිසුමක්

Date:

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් Nottinghamshire කණ්ඩායමෙන් අවස්ථාවක් ලැබී ඇති බව Newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

එම කණ්ඩායම සදහා මෙතෙක් ක්‍රීඩා කළ ඉෂාන් කිෂන් වෙනුවට මෙන්ඩිස් සංචිතයට ආදේශ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, කුසල් මෙන්ඩිස්ට Nottinghamshire කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අවශ්‍ය වනවා.

තවමත් Nottinghamshire කණ්ඩායම විසින් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට එංගලන්ත ප්‍රාන්ත තරගාවලි ක්‍රීඩා කිරීමට ඇතැම් විට අවස්ථා හිමි වන නමුත්, ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරට ප්‍රාන්ත තරගාවලි ක්‍රීඩා කිරීම සදහා ලැබෙන්නේ ඉතා විරල අවස්ථාවක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...