සිරාජ්ට වැඩ වරදියි ; ICC නිවේදනය මෙන්න

Date:

ලෝඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී එංගලන්ත ආරම්භක පිතිකරු බෙන් ඩකට් දවා ගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය විනය විරෝධී බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඉන්දියානු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ට දඩුවම් පනවා තිබෙනවා.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර ඇති අතර, දඬුවම් ලකුණක් (demerit point) ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය ICC හි විනය නීති සංග්‍රහයේ (ICC Code of Conduct) පළමු මට්ටමේ (Level 1) වරදක් ලෙස අයි.සී.සීය පෙන්වා දෙනවා.

එංගලන්ත දෙවන ඉනිමේ හයවන පන්දුවාරයේදී ඩකට් දැවී ගිය අතර, එහිදී එම කඩුල්ල සැමරීමේදී සිරාජ් “දැවී ගිය පිතිකරුවාට ඉතා ආසන්නව අධික ලෙස ප්‍රීති ඝෝෂා කිරීමක්” සිදුකළ බව ICC විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

මෙය ICC විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර, එය “පිතිකරුවෙකු දැවී යාමෙන් පසු ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි” ක්‍රියාවක් ලෙස සැලකෙනවා.

මෙය මාස 24ක් තුළ සිරාජ්ට හිමි වූ දෙවන දඬුවම් ලකුණයි. මීට පෙර ඔහුට දඬුවම් ලකුණක් හිමි වූයේ 2024 දෙසැම්බර් 7 වන දින ඇඩිලේඩ් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදීයි.

මාස 24ක් ඇතුළත දඬුවම් ලකුණු හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැස් කරන ක්‍රීඩකයින්ට තරග තහනම්වලට මුහුණ දීමට සිදු වනවා.

සිරාජ් මෙම වරද පිළිගෙන ඇති අතර, තරග තීරක රිචී රිචඩ්සන් විසින් නියම කරන ලද දඬුවම ද පිළි ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...