ඉන්දු-ශ්‍රී ලංකා තරග 6 ගැන BCCI කට අරියි – ක්‍රික්බස් හෙළි කළ සම්පූර්ණ වාර්තාව මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) වෙත ඉල්ලීමක් සිදු කර ඇති බව මේ වන විට Cricbuzz වෙබ් අඩවියද වාර්තා කර තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ඉන්දය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අවලංගු කිරීමට තීරණය කළ පසුබිමකයි.

BCCI තවමත් නිල වශයෙන් මීට ප්‍රතිචාර දක්වා නොමැති වුවද, තරඟාවලිය පැවැත්වීමට හැකි වුවහොත්, දැනට ආකෘති තුනෙන් දෙකක් ක්‍රීඩා නොකරන (එක්දින තරඟ පමණක් ක්‍රීඩා කරන) රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ලබන මාසයේදී නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැක ගැනීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති.

SLC විසින් සුදු පන්දු තරඟ හයක් – එනම් එක්දින තරඟ තුනක් සහ T20I තරඟ තුනක් – අගෝස්තු මාසයේදී ක්‍රීඩා කිරීම සඳහා යෝජනා කර ඇති බව සදහන්.

එය ඉන්දියාව බංග්ලාදේශයේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරඟ සංඛ්‍යාවට සමාන තරග සංඛාවක්.

කෙසේ වෙතත්, BCCI මීට දක්වන ප්‍රතිචාරය බොහෝ දුරට රඳා පවතින්නේ ආසියානු කුසලානය පිළිබඳ ඔවුන්ගේ තීරණය මතයි.

“SLC වෙතින් ඉල්ලීමක් ලැබී තිබෙනවා, නමුත් අපි තවම ඒ ගැන තීරණය කර නැහැ. ආසියානු කුසලානය සමඟ ඇති තත්ත්වය අපට බැලීමට සිදුවනවා. සියල්ල එකිනෙකට සම්බන්ධයි,” යනුවෙන් BCCI ප්‍රකාශකයෙකු Cricbuzz වෙත පවසා තිබෙනවා.

BCCI විසින් සමාන්‍යයෙන් තීරණයකට එළඹීමට පෙර ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කරනු ලබනවා.

BCCI ලේකම් දේවාජිත් සයිකියා මෙම සතියේදී ලෝඩ්ස් ටෙස්ට් තරඟය නැරඹීම සඳහා ලන්ඩන් නුවරට ගොස්  සිටින අතර, තරඟය අතරතුර හෝ ඉන් පසුව ක්‍රීඩකයන්, ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් සහ තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර් සමඟ මේ සම්බන්ධයෙන්  සාකච්ඡා පැවැත්වීමට ඉඩ තිබෙනවා.

එම සාකච්ඡාවලින් පසුව SLC හි ඉල්ලීමට BCCI ප්‍රතිචාර දක්වනු ඇති.

ඉන්දියාව අගෝස්තු 17 සිට 31 දක්වා බංග්ලාදේශයේදී සුදු පන්දු තරඟ හයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නමුත්, ජාත්‍යන්තර කාලසටහන් පිළිබඳ සලකා බලා BCCI සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම තරඟාවලිය ලබන වසරට කල් දැමුවා.

මේ අතර, ආසියානු කුසලානය පිළිබඳ තීරණයක් දින දෙක තුනක් ඇතුළත අපේක්ෂා කළ හැකි බවටද තොරතුරු වාර්තා වනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින යුදමය හා දේශපාලන උණුසුම හේතුවෙනුයි තරගාවලිය පැවැත්වීම අර්බුදයකට ලක්ව ඇත්තේ.

තරඟාවලියේ සත්කාරකයා ලෙස, අවසන් තීරණය BCCI විසින් ගැනීමට ඉඩ ඇති අතර, එම තීරණය ඉන්දීය රජයේ උපදෙස් අනුව ගනු ඇති.

ඉන්දීය රජය අනුමැතිය ලබා දෙන්නේ නම්, ආසියානු කුසලානය සැප්තැම්බර් 10 සිට 28 දක්වා පැවැත්වීමට අපේක්ෂා කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...