Watch : නව ලෝක වා‍ර්තාවක් පිහිටුවමින් කැම්පර් පන්දු 5කදී කඩුලු 5ක් දවා ගත් හැටි

Date:

අයර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්පර් වෘත්තීය ක්‍රිකට්  තරඟයකදී පිට පිට පන්දු පහකින් කඩුලු පහක් දවාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

ඩබ්ලින්හිදී පැවති අන්තර් පළාත් T20 කුසලාන තරඟාවලියේදී නෝර්ත්-වෙස්ට් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව මන්ස්ටර් රෙඩ්ස් කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේදීයි 26 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයා මෙම දස්කම දැක්වීමට සමත් වුණේ.

වොරියර්ස් කණ්ඩායම ලකුණු 189ක ඉලක්කයක් හඹා යමින් සිටියදී, කැම්පර්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ලකුණු 87-5 සිට ලකුණු 88කට ඔවුන්ගේ සියලු දෙනා දැවී ගියා.

කැම්පර් විසින් සිය පළමු කඩුල්ල 12 වැනි පන්දුවාරයේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී බිද හෙලූ අතර, එම පන්දුවාරයේ අවසන් පන්දුවේදීද ඔහු තවත් කඩුල්ලක් දවා ගත්තා.

14 වෙනි පන්දුවාරයේ පළමු පන්දුවේදී සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළ ඔහු, ඊළඟ පන්දු දෙකේදීද තවත් කඩුලු දෙකක් බිඳ හෙලීම විශේෂත්වයක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...