ඉන්දු-ශ්‍රී ලංකා සුදු පන්දු තරගාවලියක් හදිසියේම මෙරටදී පැවැත්වීමේ සූදානමක්

Date:

අගෝස්තු මැද භාගයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත පන්දුවාර තරඟාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳ මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය කල් දැමීමත්, ජූලි-අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය කල් දැමීමත් සමඟ දෙරටටම වෙනත් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා සිය තරග කාලසටහන්හි මේ වන විට ඉඩක් විවර වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දු-ශ්‍රී ලංකා තරගාවලියක් සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් නොමැති වුවද, ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් Newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ දෙරටේම ක්‍රිකට් ආයතන කෙටි ද්විපාර්ශ්වික තරඟාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව මේ වන විට සොයා බලමින් සිටින බවයි.

ඒ අනුව බොහෝ විට එය එක්දින තරඟ තුනකින් සහ විස්සයි 20 තරඟ තුනකින් සමන්විත තරග සංචාරයක් විය හැකිය.

ජාත්‍යන්තර තරග කාලසටහනට (FTP) අනුව ඉන්දියාවට මෙම වසරේදී ශ්‍රී ලංකා තරග සංචාරයක් යෙදී නැහැ. ඔවුන්ට බංග්ලාදේශ සංචාරයක් යෙදී තිබූ නමුත්, එරට පවතින දේශපාලන ගැටලු හේතුවෙන් එම සංචාරය ලබන වසරට කල් දැමීමට පසුගියදා පියවර ගැණුනා.

මේ අතර, ශ්‍රී ලංකාව අගෝස්තු මස අග භාගයේදී සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර, එම තරග සංචාරයේ පළමු තරගය අගෝස්තු 29 වන දින ආරම්භ වීමට නියමිතයි.

ඒ හේතුවෙන් ඉන්දියාව සමග තරගාවලියක් පැවැත්වීම සදහා අගෝස්තු මැද භාගයේදී ශ්‍රී ලංකාවට මේ වන විට අවස්ථාවක් උදා වී තිබෙනවා.

කණ්ඩායම් දෙක අවසන් වරට ශ්‍රී ලංකාවේදී මුණගැසුණේ 2024 වසරේ ජූලි හා අගෝස්තු මාසවලදී වන අතර, එහිදී ඉන්දියාව විස්සයි 20 තරඟාවලිය ජයග්‍රහණය කළා. එක්දින තරගාවලියේ ජය හිමි වුණේ ශ්‍රී ලංකාවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...