ODI Rankings : ශ්‍රී ලංකාව පසුබසිද්දී ක්‍රීඩකයින් රැසක් ඉදිරියට – මෙන්ඩිස් පළමු 10 ට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා.

ඊට අනුව ෂුබ්මන් ගිල් පෙරමුණේ පසුවන එක්දින පිතිකරුවන් අතර 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත්ව තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක් වූ කුසල් මෙන්ඩිස් ස්ථාන 10 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 10 වැනි ස්ථානයේ රැදී සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, පැතුම් නිස්සංක 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් පසුබැස ඇති අතර, ජනිත් ලියනගේ 44 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 7 කින්.

මේ අතර, මහීෂ් තීක්ෂණ පෙරමුණේ පසුවන එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණීමට වනිදු හසරංග සමත්ව තිබෙනවා.

තීක්ෂණ තවදුරටත් පළමු ස්ථානයේ පසුවුවත් ඔහුගේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 680 සිට 671 දක්වා අඩු වී තිබෙනවා. දුනිත් වෙල්ලාලගේ ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇත්තේ 31 වැනි ස්ථානය දක්වායි.

අසිත ප්‍රනාන්දු සම 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 23 කින් ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්. දුෂ්මන්ත චමීර රැදී සිටින්නේ 99 වැනි ස්ථානයේයි.

මේ අතර, එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ එක් තරගයක් පරාජයට පත් වීම හේතුවෙන් 5 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...