වනිදු හසරංග ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින තරගයේදී පිතිකරණයේ නිරතව සිටියදී ඔහුගේ දකුණු පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් කොළඹ පිහිටි ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු විස්සයි 20 සංචිතයට ආදේශ නොකරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධය සහිතව වුවද වනිදු ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වෙමින් පන්දුවාර 8.4 ක් තුළ ලකුණු 35 කට කඩුලු දෙකක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය හෙට(10) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...