ඉර්ෆාන් පතාන් LPL තරගාවලියට

Date:

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එකගතාවය පල කර තිබෙනවා.

ඒ අනුව ඔහු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති බවයි කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා විදෙස් ක්‍රීඩා මාධ්‍යකට සදහන් කර ඇත්තේ.

රංජි කුසලාන තරගාවලියේ දී ජුම්මු – කාශ්මීර කණ්ඩායමේ උපදේශක ලෙස ද 36 හැවිරිදි ඉර්ෆාන් පතාන් කටයුතු කළා.

ඔහුට අමතරව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සදහා විදෙස් ක්‍රීඩකයින් ලෙස ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්, වහබ් රියාස් සහ නවීනුල් හක් යන ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ඉන්දිය සුපිරි නලු සල්මන් කාන්ගේ සහෝදරයා වන සොහයිල් කාන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කරනවා.

ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මිලර්, ඩේවිඩ් මලාන්, ඇන්ඩ්‍රි රසල් සහ මන්වින්දර් බිස්ලා යන විදෙස් ක්‍රීඩකයින් එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් ඉර්ෆාන් පතාන්ගේ පැමිණීම තරගාවලියේ සාර්ථකත්වයට ද බෙහෙවින් බලපානු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...