Watch : ලකුණු 5 කට කඩුලු 7 ක් දැවී ගිය බංග්ලාදේශයට අමිහිරි පරාජයක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244 ක් රැස් කළා. චරිත් අසලංක ලකුණු 106 යි.

බංග්ලාදේශය පිළිතුරු ඉනිමේදී පන්දුවාර 35.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167 ක් පමණයි.

ඔවුන් එක් අවස්ථාවක පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 99 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුණා.

කෙසේ වෙතත්, අනතුරුව ලකුණු 5 ක් තුළ ඔවුන්ගේ කඩුලු 7 ක් ද, ලකුණු 25 ක් තුළ කඩුලු 8ක් දැවී යාම කැපී පෙනුණා.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 4 ක් දවා ගත් අතර, කමිදු මෙන්ඩිස් කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...