වෙනස්කම් රැසක් සමග ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ලහිරු කුමාර මෙම සංචිතයට පළමුව නම් කර ඇතත්, ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 17 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ලහිරු උදාර, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිදු රත්නායක හා ඉසිත විජේසුන්දර සංචිතයට නම් කර ඇති අතර, අකිල ධනංජය යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා සංචිතය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...