ශ්‍රී ලංකා – බංග්ලාදේශ ගැටුම අදින් ඇරඹේ ; සියලු තොරතුරු මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද(17) ආරම්භ වනවා. පළමු තරගය ගාල්ලේදි අද පෙරවරු 10:00 ට ආරම්භ වීමට නියමිතයි.

2025 – 27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ආරම්භය ද මෙම තරගාවලියත් සමග සිදු වනවා. එමෙන්ම අයි.සී.සීය හදුන්වා දුන් නව නීති කිහිපයක් ද මෙම තරගාවලියේ සිට බලාත්මක වනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 26ක් පවත්වා ඇති අතර, ඉන් තරග 20 ක ජය ශ්‍රී ලංකාවටත්, එක් තරගයක ජය බංග්ලාදේශයටත් හිමිව තිබෙනවා. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ගණන 5ක්.

මේ අතර, පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කළේ දෙවැනි ටෙස්ට් තරගයේදී අලුත් ක්‍රීඩකයෙකුට කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බැවින් තමා පළමු තරගයෙන් පසුව විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි.

මීළග ටෙස්ට් තරගාවලිය සදහා අලුත් ක්‍රීඩකයෙකුට හුරු වීම වෙනුවෙන් එය වැදගත් බව ඔහු පෙන්වා දුන්නා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත්. එනම්, ලහිරු උදාර, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිදු රත්නායක හා ඉසිත විජේසුන්දරයි.

මේ අතර, තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසු ශාරීරින යෝග්‍යතාවයක හා දක්ෂතාවල පසු වීමට තමන් අපේක්ෂා කරන බව ද මැතිව්ස් සදහන් කළා.

එම තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වුවහොත් තමාට සුදු පන්දු පිටියට ද විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව සමු දීමට හැකි වනු ඇති බවයි මැතිව්ස් කියා සිටියේ.

මේ අතර, අද ආරම්භ වන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැකි අයුරු –

  • Siyatha TV
  • Sony Sports Ten 2
  • Sony Sports Ten 2 HD –
  • TEN Cricket
  • ‘Dialog ViU’ App

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...